විවාහය පිළිබඳ විවිධ නිර්වචනය පළවී ඇත. ස්ත්‍රියක් හා පුරුෂයකු අතර පැවැත්වෙන ආචාරශීලී පවුල් ජීවිතය විවාහය ලෙස සරලව හැඳින්විය හැකිය. පුද්ගලයන් නොමැතිව සමාජයක් බිහි නොවන අතර එම සමාජයේ නිර්මාණය කරනු ලබන එකම ආයතනය ලෙස විවාහ සංස්ථාව පෙන්වා දිය හැකිය. ලිංගික ජීවිතය පාලනය කිරීමටත් එය විධිමත්ව සංස්ථාපනය කිරීම්ට මානව සමාජයේ විවාහය නම් සංස්ථාව ගොඩනැගී ඇත. සමාජ සංස්කෘතික ආගමික හා ආර්ථික පදනමක් මත විවාහය ක්‍රියාත්මක වේ.
බ්‍රිතාන්‍යයේ මානව විද්‍යා සංගමයේ ප්‍රකාශනයක් වන Notes and Queroes,1951 විවාහය අර්ථ දක්වනුයේ පහත පරිදිය."එක් මිනිසෙකු හා ගැහැණියෙක් අතර ඇතිවන සම්බන්ධතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස ගැහැණිය බිහි කරන දරුවන් නීත්‍යානුකූල යැයි සමාජයේ පිළිගැනීමයි".
"සමලිංගික නොවන පුද්ගලයන් දෙදෙනෙකු අතර පවත්නා සාපේක්ෂ ලෙස ස්ථිර ලිංගික සම්බන්ධතාවක් මෙන්ම ආර්ථික සහයෝගීතාවක් වශයෙන් ශ්‍රමවිභජනය අනුගමනය කිරීම්ක් ද විවාහය" යනුවෙන් ජී පී මර්ඩොක් අදහස් දක්වා ඇත.
"එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙකු හෝ පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමඟ සම්බන්ධතා ගොඩ නංවා ගැනීම තුළින් සමාජය පිළිගත් දරුවන් ලබාගැනීම විවාහය බවයි. මෙහිදී ස්ත්‍රිය සම්බන්ධතා පවත්වන පුරුෂයා හෝ පුරුෂයන් අදාළ සමාජයේ ඥාති මූලධර්ම විසින් විවාහයට සුදුසු යැයි අනුමත කොට තිබිය යුතුවේ.( කුමාර2009, පි .105)."
"විවාහය යනු ස්ත්‍රිය හා පුරුෂයා අතර පවතින ආර්ථික සමාජයීය හා ලිංගික සම්බන්ධතාව සමාජයේ පිළි පිළිගැනීමට ලක්වීම සහ සැමියා බිරිඳ වශයෙන් සම්බන්ධතා ඇති කරගෙන ජීවත් වන තෙක් ඒවා ගෙන යාමයි.(රත්නායක,2001පිටු 103)"
"විවාහය යනු සමාජයක සිරිත් විරිත් නීතිරීති වලින් නිර්මිත ඊට අනුව ගොඩනගන ලද සුවිශේෂී සම්බන්ධතාවක් වන අතර එහිදී වැඩිහිටි පුරුෂයා හා ස්ත්‍රිය අඹුසැමියන් ලෙස ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දරුවන් ලබති. විවාහය ස්වාමිපුරුෂයා භාර්යාව හා ඔවුන්ගේ දරුවන්ගේ සුසැඳි ඥාතිත්ව සංවිධානයකි (කුමාර200 9,පි,110)"
No comments:
Post a Comment