සිංහල වාග් ශක්තියේ විශිෂ්ට ඵලය ලෙස සැලකෙන කව්සිළුමිණ මහා කාව්‍ය හා තොටගමුවේ රාහුල හිමියන් විසින් රචිත කාව්‍යශේකර මහා කාව්‍ය තුළින් විවාහ සංස්ථාව නිරූපණය වන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම හා මෙම නිර්මාණ කෘති හරහා ශ්‍රී ලාංකික විවාහ සංස්ථාව නම් සමාජ විද්‍යාත්මක සංකල්පය විමර්ශනය කිරීම මෙම නිබන්ධනයෙහි අරමුණ වේ.පළමුවන පරිච්ඡේදයේ අරමුණ වන්නේ පර්යේෂණ ක්ෂේත්‍රය හා පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ විස්තර කිරීමත් අරමුණු හා එහි කාලීන වැදගත්කම පහදා දීමත් පර්යේෂණ නිබන්ධනයේ අපේක්ෂිත සැලැස්ම විස්තර කිරීමත්ය.කව්සිළුමිණ හා කාව්‍යශේකරය තුලින් නිරූපිත විවාහ සංස්ථාව යන ක්ෂේත්‍රය පිළිබඳව කරුණු විමසීමේදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ග්‍රන්ථ පරිශීලනය සිදුවේ .
- සිංහල සාහිත්‍යය
- සමාජ විද්‍යාව
- මනෝ විද්‍යාව
- ඉතිහාස ග්‍රන්ථ
- බුදුදහම හා අතීත මූලාශ්‍ර ද අධ්‍යනය සිදු වේ
කාව්‍යශේඛරය හා කව්සිළුමිණ ඇසුරෙන් ශ්‍රී ලාංකේය විවාහ සංස්ථාව තුළ පවතින නොයෙකුත් ඉසව්වන් කරා විමර්ශනශීලීව විමසීමට උත්සාහ ගැනේ . ඒ අනුව විවාහ සංස්ථාව තුළ,සිංහල මහා කාව්‍ය දෙකෙන් නිරූපණය වන පූර්ව විවාහ ජීවිතය, පශ්චාත් විවාහ ජීවිතය, විවාහ චාරිත්‍ර, විවාහය බිඳ වැටීම යනාදී සියලු අවස්ථා මෙමගින් නිරූපණය වන්නේ කෙසේද යන්න විමසීමට ලක් කරයි. උත්තරීතර විවාහ සංස්ථාව තුළ ඇතිවන දුක් ,සතුට, මැදහත් බව ,උපේක්ෂාව ,කැපවීම , කෝපය, වෛරය ආදිය නිරූපණය වන්නේ කෙසේද යන්න විමර්ශනයට ලක් කරයි.
අධ්‍යයන ක්ෂේත්‍රය
සිංහල මහා කාව්‍ය හා සාහිත්‍යය,සමාජීය අධ්‍යන ක්ෂේත්‍රය
සීමාව
මහා කාව්‍ය යනු ඉතා පුළුල් විෂයකි. පර්යේෂණය සඳහා පාදක වූ වෛවාහක සංස්ථාවද ගැඹුරු අර්ථ කථනය පවත්නා නිසා පර්යේෂණ පහසුව සඳහා සීමා කිරීමට සිදුවේ .ඒ නිසා ශ්‍රී ලංකාවේ සිංහල මහා කාව්‍ය දෙක වන කව්සිළුමිණ හා කාව්‍යශේඛරය මගින් නිරූපණය වන විවාහ සංස්ථාව පිළිබඳ පිළිබඳ මෙමගින් අධ්‍යනය කරයි.
පර්යේෂණ ක්‍රමවේදය
ගුණාත්මක පර්යේෂණයක් වන මෙය ලේඛන විශ්ලේෂණ න්‍යාය උපයෝගී කරගනී . ලේඛනමය දත්ත මේ සඳහා යොදා ගනු ලැබේ.ද්විතීක මූලාශ්‍ර යොදා ගනී. මේ පර්යේෂණයේ දී මූලාශ්‍ර කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය.
- සිංහල මහා කාව්‍ය කෘති
- සඟරා
- තත්කාලීන විචාර ලිපි
- කාව්‍ය විමර්ශන ග්‍රන්ථ
- සාහිත්‍ය විචාර ග්‍රන්ථ
- කාව්‍ය විචාර ග්‍රන්ථ
- සමාජ විද්‍යාත්මක ග්‍රන්ථ
- මනෝ විද්‍යාත්මක ග්‍රන්ථ
- බෞද්ධාගමික ග්‍රන්ථ
- ඉතිහාස ග්‍රන්ථ
No comments:
Post a Comment