Tuesday, July 9, 2019

ජන සාහිත්‍යයෙන් නිරූපිත විවාහ වර්ග


  දීග විවාහය

 ලොව උපත ලබන සෑම ස්ත්‍රියක ම විඳිය යුතු දුෂ්කරතා ත්‍රිත්වයකි.එනම් උපන්ගේ හැරයාම,ප්‍රසව වේදනාව, පුරුෂයා යටතේ වාසය කිරීමයි . එය නිසි වයසට එළඹීමෙන් පසු පුරුෂයෙකු හා දීග යාම මෙම විවාහ ක්‍රමයෙන් සිදුවේ. විවාහය රැක ගැනීමේ පූර්ණ වගකීම ස්ත්‍රී සතුවිය.  මෙය පුරුෂයාට අධිකාරිත්වය හිමි විවාහ ක්‍රමයක් වූ බැවින් ඔහුට පළමු බිරිය ගේ කැමැත්ත නොවිමසා තවත් පිරිසක් එම නිවෙසට කැඳවාගෙන ආ හැකිය.නමුත් දීඝ විවාහයට පත් ස්ත්‍රියට සිය ස්වාමී පුරුෂයාගේ කැමැත්ත නැතිව දෙවෙනි පුරුෂයෙකු ගැනීම තහනම්ය. තම පුරුෂයාට සහෝදරයෙක් සිටී නම් වෙනත් පවුල් සැමියෙකු ගැනීමට තම සැමියා සමග කතා කිරීමට ද නොහැකි විය. මෙවැනි හේතු සාධක නිසා පුරුෂයාගේ ස්වාධීනත්වය ආරක්ෂා වී ඇති අතර එය කාන්තාවකගේ අයිතිවාසිකම් පාගා දැමීම නොවීය. ඒ වනාහි එම් සමාජයේ විවාහයේ පැවැති ස්වරූපයයි.

බින්න විවහය

සාම්ප්‍රදායික වශයෙන් ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශවල ව්‍යාප්තව ඇති ප්‍රධාන විවාහ වර්ගයක් ලෙස බින්න විවාහ ක්‍රමය හඳුන්වා දිය හැකිය. පුරුෂයා ස්වකීය විවාහක කාන්තාවගේ නෑදෑයින් සමග විවාහයෙන් පසු පදිංචි වීම මෙම විවාහ ක්‍රමයේ දී සිදු වේ. ආර්ථිකමය කාරණා හා මානුෂීය කාර්ණා මත පුරුෂයාට බින්න   විවාහයකට එළඹීමට සිදුවන අවස්ථා ඇත. බින්න බැහීම  වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම විවාහය අර්ථ දක්වයි. බිරිය පවුල්ක වැඩිමල් දරුවා වූ විට පවුලේ අභිවෘද්ධිය හා බාල සහෝදරයන් ගේ සුභ සුබසාධනය උදෙසා වැඩිමහල් සහෝදරයකු වශයෙන් ක්‍රියා කිරීමට බෑණා  ඔස්සේ බලාපොරොත්තුවීම භින්න විවාහයක ප්‍රධාන අරමුණයි.තවද පිරිමි දරුවන් නොමැති පවුලක දියණියක් විවාහ වීමේ දී ද එම දෙමව්පියන් බලාපොරොත්තු වන්නේද බින්න විවාහයයි. 

No comments:

Post a Comment