තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත කාව්‍යශේඛරය ස්වර්ග 15 කින් යුත් මහා කව්‍යකි.එයට වස්තු වූයේ ජාතක පොතෙහි ආ සත්තු භත්ත ජතකයයි.බෝ සතුන් ප්‍රඥා පාරමිතාව පිරූ අයුරු කියවෙන කතාවකි.මෙය රචනා වූයේ පැරකුම් රජුගේ දූ කුමරිය වු උලකුඩය දේවිය හෙල බසින් නිසි සේ පද බැද සොද බණක් කියන සේ ආරාධනා කළ හෙයින් එම ආරාධනය පිළිගත් කතුවර හිමියෝ එය ඉටු කිරීමට ප්‍රතිඥා දී ඇත. සත්තුභත්ත ජාතකය පදනම් කරගෙන රචනා වු මෙය මහා කාව්‍යයක් කිරීමට තරම් දීර්ඝ වූ කතා වස්තුවක් නොවේ. නමුත් මෙම ජාතක කතාවේ කතා ප්‍රවෘත්ති දෙකක් ගැබ් වන බව පැහැදිලිය. එනම් ශිල්ප ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි සේනක බෝධිසත්වයන් ගේ චරිතාපදානය එකකි.අනික නම් තරුණ බැමිණිය සරණපාවාගත් මහළු බමුණාගේ කතා පුවතයි.මේ කතා පුවත් දෙක අතරින් දෙවැන්න ප්‍රදාන කතාව හැටියට සමහර විචාරකයෝ සලකති .
මෙහි ප්‍රදාන චරිත ලෙස සේනක පඩිතුමා,එම බැමිනිය,ජනක රජු එම බැමිනිය,මහලු බමුණා හා තරුණ බැමිණිය පෙන්වා දිය හැකිය.මෙම චරිත වලින් නිරූපනය වන එක් එක් පුද්ගල ස්භාවය සහ ඔවුන්ගේ විවාහ ජිවිතය කුමන අකරයෙන් නිරුපනය කර ඇත්ද සහ කාලීන සමජයට එය කෙසේ බලපා ඇත්ද යන්න මෙහිදී සොයා බලයි.